සයිඩ් අජ්මල්ගේ ලෝක කුසලාන සහභාගීත්වය අවිනිශ්චිතයි.

සයිඩ් අජ්මල්ගේ ලෝක කුසලාන සහභාගීත්වය අවිනිශ්චිතයි.

0 34

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතම දඟ පන්දු යවන්නා වන සයීඞ් අජ්මල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව (ICC) පසුගිය දා නිවේදනය කළේය. එසේම බංග්ලාදේශ කී‍්‍රඩක සොහාග් ගාසිගේ පන්දු යැවීමේ ඉරියව්වද නීත්‍යානුකූල බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම සිය මූලික පරීක්ෂණයන්ගෙන් අසමත් වූවද අනතුරුව කරන ලද සංශෝධනයන් මඟින් ඔවුන් සිය පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කරගැනීමට කටයුතු කර ඇති බව පැවසේ.

”මෙම පන්දු යවන්නන් දෙදෙනාම පන්දු යැවීමේදී ඔවුන්ගේ ඉරියව් අත නැවීමේ නියමිත ප‍්‍රමාණය වන අංශක 15 සීමාවට ඇතුළත් බව පෙනේ” යයි අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ නිවේදනයේ සඳහන් වේ.

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් නායක මිස්බා උල් හක් ගෙන් සිඞ්නි නුවරදී අජ්මල් සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ අජ්මල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කර ඇති නමුදු ලෝක කුසලානයට අජ්මල්ගේ සහභාගීත්වය පිළිබඳව නිශ්චිතව ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවයි.

”මේ වෙලාවේ හුගක් දෙනා කතා වෙන්නේ ”එහෙම වුණොත් මෙහෙම වෙනවා. මෙහෙම වුණා නම් එහෙම වෙන්න බැරි ඇයි” වගේ දේවල්. ඒ නිසා අජ්මල් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙනවාද නැද්ද යන්න කියන එක ගැන මේ වෙලාවේ කිසිවක් කියන්න බෑ”

”අනෙක් කාරණාව තමයි ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම දැනටමත් ප‍්‍රකාශයට පත්කරලා තියෙන්නේ. ඒ හැම කී‍්‍රඩකයෙක්ම දැනටමත් මෙහේ ඉන්නේ. ඇරත් අජ්මල් සෑහෙන කලක ඉඳන් තරඟ කරලා නෑ. ඒ ගැනත් අපි හිතන්න ඕනෑ” යයි තව දුරටත් අදහස් දක්වමින් මිස්බා උල් හක් පැවසීය.