ෂෝටෝකාන් කරාටේ ශූරතාවලිය 14 දා

ෂෝටෝකාන් කරාටේ ශූරතාවලිය 14 දා

0 34

ෂෝටෝකාන් කරාටේ දෝ සම්මේලනය විසින් 8 වැනිවරටත් සංවිධානය කරන ෂෝටෝකාන් කාරටේ ජාතික ශූරතාවලිය මේ මස 14 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම ශූරතාවලියට සංගම් ජපානයට අනුබද්ධිත ෂෝටෝකාන් කරාටේ ශෛලීන්ට අයත්වන සංගම් 30ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

වයස අවුරුදු 8/9, 10 න් පහළ, 11 න් පහළ, 12 න් පහළ, 13 න් පහළ, 14/15, 16/17, 21 න් පහළ, 21 න් ඉහළ යන කාණ්ඩ යටතේ මෙම තරඟාවලියන් පැවැත්වේ.

මෙම වයස් කාණ්ඩ වලින් 14/15, 16/17, 21 න් පහළ, 21 න් ඉහළ වයස් කාණ්ඩ වල කළු පටි තරග ඉසව්වේ දක්ෂතම ක‍්‍රීඩකයා සහ කී‍්‍රඩිකාව තේරීම සිදු වන අතර ඊට අමතරව සෑම වයස් කාණ්ඩයකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගන්නා අයවලුන් සඳහා පදක්කම් සහ සහතික පත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

මෙම ක්‍රීඩාවලියට ආරාධිත අමුත්තන් ලෙස කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ශ‍්‍රි ලංකාවේ ජපන් තානාපතිවරයා සහභාගී වීමට නියමිතය.

මෙම තරඟාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු දැනගැනීමට ෂෝටෝකාන් කරාටේ දෝ සම්මේලනයේ ලේකම් ලලිත් නානායක්කාර මහතා දුරකථන අංක 071-8015750 ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.