මාලිංග පළමු තරගයට සූදානම්

මාලිංග පළමු තරගයට සූදානම්

0 34

ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මුහුණදෙන පළමු තරගය සඳහා තමන් සූදානම් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.

නවසීලන්ත මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙන මාලිංග පවසන්නේ තමන්ගේ රිද්මය හොඳ බවත් තරගයට සූදානම් බවත්ය.

එසේම තමන්ගේ මනස හදාගැනීමට සිදුව තිබෙන බවත් මාලිංග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග වළලුකරේ සිදුකළ ශල්‍ය කර්මයකින් පසුව පසුගිය අගෝස්තු මාසයේ පටන් ක්‍රිකට් පිටියට එක්නොවුණේය.