මාර්තු 31ට ප්‍රථම සියලු ක්‍රීඩා සංගම්වල නිලවරණ.

මාර්තු 31ට ප්‍රථම සියලු ක්‍රීඩා සංගම්වල නිලවරණ.

0 86

මෙරට සියලු ක්‍රීඩා සංගම්වල නිලවරණයන් මාර්තු මස 31දාට පෙර අවසන් කළ යුතු බවට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විධායක කමිටුව ලබන 5වනදා රැස්ව නිලවරණය සඳහා දිනයක් තීරණය කරන බව සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එමෙන්ම තමන් යළිත් වරක් සභාපති ධූරයට තරඟ වදින බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී සිය නිලවරණය පැවැත්වීමට බාධාවක්ව පවතින අධිකරණ නියෝග පිළිබඳව අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට නියමිතය. එමෙන්ම වත්මන් සභාපති රංජිත් රොද්රිගෝ මහතා යළි එම ධූරයට තරඟ වැදීමට නියමිත බවද වාර්තා වේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන දිනයක් සම්බන්ධව මෙතෙක් ප්‍රකාශ වී නොමැත.