කුමාර සංගක්කාරගේ චෝදනාවන්ට මහින්දානන්දගෙන් පිළිතුරු

කුමාර සංගක්කාරගේ චෝදනාවන්ට මහින්දානන්දගෙන් පිළිතුරු

0 29

කුමාර සංගක්කාර එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

සිය ක්‍රියාකලාපය හේතුවෙන් සංගක්කාර මහතාගේ කීර්ති නාමයට හානි වූ බවට ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු වෙත යවන ලද ඊමේල් පණිවිඩය පිළිබඳ දැනගැනීමෙන් තමන් මවිතයට පත්වූ බව ඒ මහතා සඳහන් කරයි.
එම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සංගක්කාර මහතා අතර සිදුවූවක් මිස ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමා එයට මැදිහත් නොවූ බවත් එම නිවේදනයේ සඳහන්. දේශපාලනය බල පෙරළියකට පසුව එල්ල කරන මෙවැනි චෝදනාවන් පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවන බවද ඒ මහතා සඳහන් කරයි.